- Keshy - Ceylon Tastes
Kokis
Ingredients | අවශ්‍ය ද්‍රව්‍ය
කොකිස් අච්චුවක්
හාල් පිටි කෝප්ප 1
බිත්තර 1
කහ තේ හැදි 1/2
සීනි තේ හැදි 1
ලුණු තේ හැදි 1/3
පොල් කිරි කෝප්ප 1 1/2 – 2
බැදීමට තෙල්
How to Make | සාදන ක්‍රමය
හාල් පිටි ටික පෙනේරයකින් හොදට හලා ගන්න. එයට ලුණු, සීනි සහ කහ එකතු කරන්න. බිත්තරයක් හොදින් ගසාගෙන මිශ්‍රණයට එකතු කරන්න.
දැන් පොල් කිරි දමා පින්තූරයේ ආකාරයට මිශ්‍රණය සාදාගන්නා. ( මම ඉන්න ප්‍රදේශයේ තියෙන පොල් කිරි කෑන් වල ඝනත්වය වැඩි නිසා මම වතුර පොඩ්ඩක් දා ගත්තා. ඒත් ලංකාවේ ඉන්න කෙනෙක්ට පොල් කිරි සාමාන්‍ය විදියට දාගන්න පුළුවන්.
මිශ්‍රණයේ පාට මදි වගේ නිසා මම තවටිකක් කහ දා ගත්තා. සම්පූර්ණ ගනන තමා මම උඩ දාලා තියෙන්නේ.
පැයක් පමණ මිශ්‍රණය පැත්තකින් තියා ඊට පස්සේ තමා කොකිස් හදන්න ගන්නේ.
දැන් තෙල් ටික රත් කරන්න. කොකිස් අච්චුවේ උසට වඩා පොඩ්ඩක් උසට තෙල් දාගන්න. තෙල් රත්වූ පසු කොකිස් අච්චුව තෙලට දමා රත් කරන්න.
දැන් මිශ්‍රණය කවලම් කර, කොකිස් අච්චුව මිශ්‍රණයේ දවටා ගන්න. පින්තූරයේ පෙනෙන මට්ටමට පමණක් අච්චුව මිශ්‍රණයේ ගිල් වන්න. අච්චුව වැසී ගියොත් කොකිස් කෑලි ගලවා ගන්න බැරි වෙනවා.
මේ මට්ටමට තමා මිශ්‍රණය දවටා තිබිය යුතු
අච්චුව තෙලට දමා තත්පර කිහිපයක් අල්ලාගෙන ඉන්න. පින්තූරයේ ආකාරයට බුබුලු දා බැදෙන්න පටන් ගනීවි. ඉන් පසු අච්චුව උඩට පහළට යවන්න. තෙලෙන් උඩට ගෙන ආයෙත් ඇතුළට යවන්න. එසේ කිර්රමෙන් අච්චුවෙන් කොකිස් කැබැල්ල ගැලවෙන්න ගන්නවා.
මේ පින්තූරයේ ආකාරයට ගැලවෙන විට ඇලී තියෙන කොටස් ඉරටුවක් මගින් ගලවන්න. නමුත් කොකිස් කැබැල්ල අච්චුවෙන් අතාරින්න එපා. අච්චුවෙන් තදකර ඉන්න. අතෑරියොත් තාම හරියට බැදී නැති නිසා ගැලවී යන්න පුළුවන්. කොකිස් කැබැල්ල හොදින් බැදී ගෙන එනවිට අච්චුව අතාරින්න.
දැන් ටික වෙලාවක් බැදුනු පසු අනිත් පැත්ත හරවන්න. ( උඩින් තට්ටු කල විට බැදී ඇති බව තේරෙනව, එතකොට අනිත් පැත්ත හරවන්න)
දෙපැත්තම බැදුනු පසු තෙලෙන් අයින් කරන්න දුඹුරු පැහැ වෙන්න කලින්. නැත්නම් ලස්සන කහ පාට නැති වේවි මොකද තෙලෙන් එළියට ගත්ත පසුටත් පාට ටිකක් වෙනස් වෙනවා.
මෙන්ම මෙහෙම තමා හරිම ලේසියෙන් කොකිස් හදා ගන්නෙ. ඔයාලට මොනව හරි රෙසපි එකේ ප්‍රශ්නයක් තියෙනම් කමෙන්ට් එකක් දාන්න මම උදව් කරන්නම් හදන්න.
Enjoy!